පෙබරවාරි පළමු වනදා සිට 14 වනදා දක්වා උපදින බිළිඳුන්ට ඉසුරු උදාන වාසනාව

දරුවන් කියන්නේ ජාතියේ සම්පතයි.

හෙට ලොව දිනන දරුවන්ට කවදත් අත්වැලක් වෙන මහජන බැංකුව, 75 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව මහජන බැංකුව හැම අවුරුද්දකදීම ක්‍රියාත්මක කරන ‘නිදහසේ උපත’ වැඩසටහන මෙවරද දියත් කර තිබෙනවා.

මේ වැඩසටහන මඟින් ‍ පෙබරවාරි 01 වැනි දින සිට 14 වැනි දින දක්වා දෙසතිය තුළ මෙරට ඉපදෙන හැම බිළිදකු වෙනුවෙන්ම රු. 2,000/-ක් වටිනා ඉසුරු උදාන තිළිණ පතක් පිරිනමන්නටත් කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම, ඉසුරු උදාන ගිණුමේ 25 වැනි සංවත්සරය මේ වසරට යෙදී තිබීම ද විශේෂත්වයක් වෙනවා.

මහජන බැංකුවේ ඉසුරු උදාන ගිණුම වයස අවුරුදු 05 දක්වා දරුවන් වෙනුවෙන් ආරම්භ වුණේ 1998 වසරේදී යි.

දේශීය අභිමානය ජනිත කිරීමේ අරමුණින්, සැබෑ නිදහසක් දරුවන් හට උරුම කරදෙන්නට ඔවුන්ගේ අනාගතය‍ට මාපියන් ඉලක්කගත කිරීමේ අරමුණ ඇතිකරන්නට මහජන බැංකුව ‘නිදහසේ උපත’ වැඩපිළිවෙළ ආරම්භ කළේ 2006 වර්ෂයේදීයි.

නිදහස් දිනය දා මේ වැඩසටහන ආරම්භ කරමින් මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු, බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී සංකේතාත්මකව ඉසුරු උදාන තෑගි තිළිණපත් සහ ත්‍යාග පිරිනැමීමට ද එක්වුණා.

මේ අවස්ථාවට බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ හා බොරැල්ල ද සොයිසා රෝහලේ වෛද්‍යවරුන් වගේම මහජන බැංකුවේ නිළධාරීන් ද එක්වුණ‍ා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37


?