Empty Ad
Empty Ad
AFC Banner

පෙබරවාරියේ වාහන ආනයනයට අවසර දෙනවා – ජනපති අනුර (වීඩියෝ)

එළඹෙන පෙබරවාරි මාසයේ පළමු වනදා සිට වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති සුහද හමුවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම ඉන්දියානු ආයෝජන යටතේ සාම්පූර් ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදිකරන බවත් ඊට අදාළ යෝජනාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙම සුහද හමුව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍ර ශාලාවක් ශ්‍රී ලංකාව ප්‍රධානය කිරීමට චීන රජය පොරොන්දු වූ බවයි.

එම ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍ර ශාලාව කොළඹ වරාය නගර පරිශ්‍රයේ ඉදිකරන බව ද ඔහු සඳහන් කර සිටියා.

තමන් සිදුකළ චීන නිල සංචාරය අතර තුර චීන රජය මෙම ප්‍රධානය ලබාදුන් බවයි ජනධිපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
10
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නිකම් කෑම නෑ - ජනපති තවත් ප්‍රබල තීන්දුවක් ගනියි
40:28
Video thumbnail
සජිත් ප්‍රේමදාස මාලිමාවට අමතයි
05:03
Video thumbnail
ජනපති අනුර කාලෙකට පස්සේ කරපු සැර කතාව
10:05
Video thumbnail
ඇමති නලින්ද ජනපති ළඟ තියාගෙන කරපු සුපිරි කතාව
06:49
Video thumbnail
හෙට අපි කොළඹ කොටුව වටලනවා - ගුරු පත්වීම් ඉල්ලන සංවර්ධන නිලධාරීන් පොලිසියට සහ ආණ්ඩුවට දැනුම් දෙයි
15:38
Video thumbnail
කනදරාව,ගලේ විහාරයේදී ගංවතුරට හසු වූ හිමිවරුන් දෙනමක් බේරාගනී
02:37
Video thumbnail
බහිරවයා ගිලිනවා වගේ රජයේ ඉඩම් කොල්ලකන සාධුගේ පැටිකිරිය මෙන්න - ජනපතිත් නිහඬයි
12:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී වාහනයක් ඉල්ලලා මාධ්‍යට එයි
04:07
Video thumbnail
ජනපති අනුර මහින්දව ඉවර කරයි - කරපු සම්පූර්ණ කතාව මෙන්න
43:01
Video thumbnail
ජනපති අනුර කටුකුරුන්දේ ජනතාව අමතන රැළිය - සජීවී විකාශය
01:20:36

?