පෙට්‍රල් මිල අඩු කළාට කෑම මිල අඩුකරන්න අපිට බෑ

පෙට්‍රල් මිල අඩු වුවද ආපන ශාලා වල කෑම මිල කිසිසේත්ම අඩු කිරීමට නොහැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ඩීසල් මිල අඩු වීමක් ඉල්ලා සිටියද අඩුවීමක් සිදු වුණේ පෙට්‍රල් මිල නිසා,පෙට්‍රල් වල අඩු වීම බලපාන්නේ ත්‍රීරෝද රථ සහ මෝටර් සයිකල්,කාර් සඳහා නිසා එමගින් එළවළු වැනි දෑ ප්‍රවාහනයක් සිදු නොවන නිසා,ආපනශාලා වලට කිසිදු බලපෑමක් සිදු නොවන නිසාත් ආහාර පාන වල මිල ගණන් අඩු කිරීමට නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?