Empty Ad
Empty Ad
AFC Banner

පූර්ණ හානි වූ වගාබිම්වලට හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක්

ජලයෙන් යට වී පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරනවා.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයා මීට පෙර පැවසුවේ අයහපත් කාලගුණයෙන් පූර්ණ හානි වූ වගාවන්ගේ අක්කරයක් සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් පිරිනමන බවයි.

මේ අතර පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණයත් සමඟ සිදු වූ වගා හානි පිළිබඳව ලබන 10 වනිදාට පෙර දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දෙනවා.

එම දැනුම්දීම්වලින් අනතුරුව නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානිය පිළිබඳව ඇස්තමේන්තු කරන බවයි එම රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ.

ජලයෙන් යට වූ වගා බිම් 25%කට පමණ හානි වී ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?