පුරාවස්තු සොරකම් කිරීම සහ විනාශ කිරීමේ සිද්ධීන්වල වැඩි වීමක් වාර්තා වී ඇත.
පුරාවස්තු ආරක්ෂක ඒකකය මගින් නිකුත් කළ වාර්තාවකට අනුව 2021 වසරේදී පුරාවස්තු විනාශ කිරීමේ හා සොරකම් කිරීමේ සිද්ධීන් 383ක් වාර්තා වී ඇත.
2019 වසරේ දී එවැනි සිද්ධීන් 273ක් ද 2020 වසරේ දී 121ක් ද පුරාවස්තු ආරක්ෂක ඒකකයේ තොරතුරුවලට අනුව 2021 වසරේ දී පුරාවස්තු පනත උල්ලංඝනය කිරීමේ අවස්ථා 232කට අදාළව අධිකරණයේ නඩු පවරා ඇත
පුරාවස්තු සොරකම් කිරීමේ අවස්ථා 03ක්, පුරාවස්තු සිද්ධීන් සම්බන්ධ නඩු 14ක්, අනවසර කැණීම් සම්බන්ධව නඩු 199ක් පවරා තිබේ.
එමෙන්ම අනවසර අත්පත් කර ගැනීම් සම්බන්ධව නඩු 02ක් ද වෙනත් නඩු 14ක් ද පවරා ඇත
මෙලෙස පවරනු ලැබූ නඩුවලින් නඩු කටයුතු 122ක් අවසන් කර ඇත.