පුතාගේ සොරකමට පියා පොලිස් අත්අඩංගුවේ

මිතුරකුගේ නිවසට පැමිණ එහි තිබූ රුපියල් ලක්ෂ පහ හමාරක පමණ රත්‍රං අත් පළඳනාවක් සොරකම් කර එම මුදලින් ජංගම දුරකථනයක් සහ තමාගේ සුරතල් සුනඛයා වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත්වූ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මොරටුමුල්ල පොලිසිය සඳහන් කර ඇත්තේ 19 හැවිරිදි සැකකරු මෙම පුද්ගලයා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර සොරකම සිදු වූ නිවස ආසන්නයේ පදිංචිකරුවෙකු බවයි.

ඔහු අසල්වැසි මිතුරාගේ නිවසට නිතර යන එන, සෙල්ලම් කරමින් කාලය ගත කරන අයෙකු වන අතර ඔහු පිළිබඳ නිවැසියන් විශ්වාසයෙන් සිට ඇති බව සඳහන්.

පසුගිය සතියේ නිවසේ තිබූ රන් අත් පළඳනාවක් අතුරුදන් වීම පිළිබඳ හිමිකරුවන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එම රන් අත් පළඳනාව අස්ථානගත වී දින කීපයකට පසු නිවසට ආ ගිය තම මිතුරා වටිනා ජංගම දුරකථනයක් මිලදී ගැනීම සහ සුරතල් සුනඛයා වෙනුවෙන් උපන්දින උත්සව සාදයක් පැවැත්වීම පිළිබඳ මෙම නිවැසියන්ට සැක මතුවී තිබෙනවා.

අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිසිය පරීක්ෂණ සිදු කිරීමේදී ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව පොලිසිය කළ සොයා බැලීමේදී සැකකාර තරුණයාගේ නිවසේ තිබී රන් භාණ්ඩ උකස් අලෙවිසැලක රිසිට්පතක් හමුවී ඇති අතර ඔහුගේ පියා යොදවා එම රන් පළඳනාව බේරා ගෙන එම පියා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් පළඳනාව සොරකම් කළ සැකකරු සොයා පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මක අතර සැකකරුගේ පියා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?