AFC Banner
AFC Banner
Empty Ad

පුංචි පැංචි ප්‍රමුදි ලොකු දුවගේ උපන්දිනය සමරමින් තැබූ ආදරණිය සටහන

පුංචි පැංචි මතක අය බොහොම දෙනෙක් අදටත් ඉන්නවා. අදටත් පුංචි පැංචිට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. පුංචි පැංචි ප්‍රමුදි කරුනාරත්න කියන්නේ ලංකාවේ හැමෝම වගේ ආදරය කරන චරිතයක්. ඉස්සර වගේ ඇය දැන් පුංචි තිරයේ දකින්න නොලැබුනත් අදටත් ප්‍රේක්ෂකයාගේ ආදරයනම් බිදුවක්වත් ඇය කෙරේ අඩුවෙලා නැහැ. ඒ තරමට ඇය වාසනාවන්තයි.

පුංචි පැංචි කිව්වට දැන් එයා ලොකුයි . දැන් එයාට අවුරුදු 30ක්. ඒ වගේම දෙදරු මවක්. අම්මා වගේම හුරතල් ලස්සන දියණියන් දෙදෙනෙක් ඇයට සිටිනවා. දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් කියන්නේ ලොකු ආඩම්බරයක්.

ඇයගේ ලොකු දුව එල්සා කියන්නේ හරිම හුරුබුහුටි දියණියක් වගේම හරිම සුරතල් දියණියක්. නංගි එක්ක හරිම ආදරයෙන් ඉන්න දියණියක්. ඉතින් ලොකු දෝනිගේ තුන්වෙනි උපන්දිනය පසුගියදා දිනයට යෙදී තිබුනා.

ඒ වෙනුවෙන් ආදරණිය සටහනක් එක්කරන්නත් ප්‍රමුදි අමතක කරලා තිබුනේ නැහැ. ඒ මෙලෙසින්,

ඔයා මාව සම්පුර්න කළා, ඔයා මට අලුත් ජිවිතයක් ලබාදුන්නා. ඔය දැන් මගේ හොදම මිතුරිය. මම ආදරෙයි ඔයාට මගේ පුංචි එල්සා.සුබ උපන්දිනක්.

ඒ වගේම එල්සාගේ තෙවැනි උපන්දිනය වෙනුවෙන් පුංචි සැමරුමක්ද සිදුකර තිබුනා. එල්සගේ ලස්සනම චායාරූප එකතුවක්ද  මේ විදිහට එකතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
98
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?