හසලක පොලිස් වසමේ උල්පතගම ප්‍රදේශයේදී අද (10) මිණිපේ යෝධ ඇලට වැටී කුඩා දැරියක් මියගොස් තිබෙනවා.
මියගිය දැරිය වයස අවුරුදු 01 මාස 03 ක් වන ගුරුගම්මානය , උල්පතගම ප්‍රදේශයේ පදිංචි දැරියක් වන අතර මියගිය දැරිය තම වැඩිමහල් සහෝදරයා සමඟ අසල පිහිටි නිවසට ගොස් සෙල්ලම් කරමින් සිට ඒ ආසන්නයේ පිහිටි මිණිපේ යෝධ ඇලට ගොස් එයට වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන හසලක රෝහලට රැගෙන ගොස් ඇති අතර , ඒ වන විටත් දැරිය මියගොස් සිට ඇත .
මෘත ශරීරය හසලක රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හසලක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1