spot_imgspot_img

පුංචි ඡන්දය කල් තැබීමට එරෙහි පෙත්සමට නීතිපතිවරයා මූලික විරෝධතා මතු කරයි

පසුගිය මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ කොමිසම ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි චෝදනා කරමින් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කලා.

මෙම පෙත්සම අද (09) සලකා බැලීම සඳහා බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මෙම මූලික විරෝධතා මතු කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස මැතිවරණ කොමිසම නම් කර නොමැති බවයි.

එය බරපතළ ඌණතාවයක් යැයි පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ, අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?