පුංචි ඡන්දයේ අපේක්ෂකයා තරුණ ගොවි නියාමකවරිය ඝාතනය කරලා

තංගල්ල, නෙටොල්පිටිය, වැලිආර ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අද (27) උදෑසන මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කරන ගොවි නියාමකවරියක්.

ආර්.එම්.දීපශිකා නැමැති මෙම කාන්තාව 30 හැවිරිදි වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.

ඇය සේවය සදහා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට යමින් සිටිය දී මඟ රැක සිටි අයෙකු තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

පසු ගියදා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර ඉල්ලා ඇති වූ ආරවුලක් දුරදිග යාම නිසා මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාවට තරග වදින ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනිබේබි’ නමින් හදුන්වනු ලබන 41හැවිරිදි පුද්ගලයෙක් මෙම අපරාධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු තංගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?