පුංචි ඡන්දයට අලුත් දිනයක් දෙන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

පළාත් පාළන මැතිවරණය නියමිත දිනට පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබදව සාකච්ජා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අද (03) දිනයේ රැස්වීමට නියමිතයි.

එම කොමිෂන් සභාවේ සමාජිකයින් වන එම්.එම්.මොහොමඩ්, එස්.බි.දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ මෙම සාකච්ඡාවට එක්වන බවයි එහි සභාපති නිමල් පුංචිහේවා සදහන් කළේ.

එළඹෙන 09 වනදා මැතිවරණය පැවැත්වීමට සැලසුම්කර තිබුණ ද මුදල් ප්‍රතිපාදන නිසි පරිදි නොලැබිම හේතුවෙන් එය නියමිත දිනට පැවැත්වීමට නොහැකි බවයි එම කොමිසම මීට පෙර පැවසුවේ.

ඒ, අනුව පළාත් පාලන ඡන්ද වීමසීම සදහා වෙනත් දිනයක් තීරණය කිරීම අද (03) දිනයේ රැස්වන මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදුකරනු ඇති.

මෙම සාකච්ඡාවෙන් පසු අවශ්‍යතාවය පරිදි රජයේ මුද්‍රණාලය ඇතුළු අනෙකුත් ආයතන කැඳවා ඡන්ද විමසීම පිළිබඳ සාකච්ඡා කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 38.3 වගන්තියට අනුව මැතිවරණය කල්දැමිමේ අයිතිය මැතිවරණ කොමිසමට පවතින අතර,ඡන්දය කල් දමන දිනයේ සිට දින 21කට පසු දිනයක ඡන්ද විමසීම පැවත්වෙන දිනයක් කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?