පී.ඩී.එෆ්. මංකොල්ලයට එරෙහිව නඩු

පොත් ප්‍රකාශකයන්ගේ සහ කතුවරුන්ගේ කෘති නීත්‍යනුකූල අවසරයකින් තොරව පී.ඩී.එෆ්. ආකාරයෙන් සකස් කොට සමාජ මාධ්‍යයෙන් බෙදා හැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ‘අනීතික පී.ඩී.එෆ්. මංකොල්ලයට එරෙහි ලේඛක ප්‍රකාශක සහ පාඨක එකමුතුව‘ තීරණය කර තිබෙනවා.

මෙම ජාවාරම හේතුවෙන් පොත් ප්‍රකාශකයන් සහ කතුවරුන් 400කට වැඩි පිරිසක් අගතියට ලක්ව ඇති බැවින් අද (ජන. 30) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත්, හඳුනාගත් සැකකරුවන් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරීමටත් යොදාගෙන ඇතැයි එම සංවිධානය පවසනවා.

මෙම නිර්මාණ කොල්ලය හේතුවෙන් අසාධාරණයට ලක්වූ මෙරට ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨ කතුවරුන් මෙන් ම නවක ලේඛක ලේඛිකාවන් සාමූහිකව පැමිණිල්ලක් කරන පළමු අවස්ථාව මෙය බව ද ‘අනීතික පී.ඩී.එෆ්. මංකොල්ලයට එරෙහි ලේඛක, ප්‍රකාශක සහ පාඨක එකමුතුව‘ පවසනවා.

කතුවරුන් සම්පාදිත කෘති දහස් ගණනක් කලක පටන් අනීතික ලෙස පී.ඩී.එෆ්. ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇතත් මේ දක්වා කිසිදු වගකිව යුතු පාර්ශවයක අවධානය යොමු වී නොමැති බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?