පියා විසින් කෙළෙසූ 14 හැවිරිදි දැරිය සියදිවි නසාගනී

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, පල්ගාර් දිස්ත්‍රික්කයේ 14 හැවිරිදි දැරියක් ඇගේ නිවස තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගත් පුවතක් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ දැරිය මෙලෙස සියදිවි නසාගැනීමට පෙර, පියා විසින් තමාට ලිංගික අතවර කළ බවට “සියදිවි නසාගැනීමේ ලිපියක්” ද ලියා තබා ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය පැවසුවේ.

මීට දින තුනකට පෙර සියදිවි නසාගෙන ඇති මෙම දැරිය ලියා තිබූ එම ලිපිය පොලිසිය විසින් ඊයේ (02) සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දැරිය විසින් ලියන ලදැයි කියන සියදිවි නසාගැනීමේ ලිපියේ ඇය සඳහන් කර ඇත්තේ තම පියා විසින් තමාට ලිංගික අතවර කළ බවයි.

ඇය ඒ පිළිබඳව තම මව සමඟ දැනුම් දුන්න ද, ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇය අපොහොසත් වූ බවයි ඇය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එම ලිපියේ දැරිය තම පියාට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ද ඉල්ලා ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මරණයෙන් පසු බාලවයස්කාර දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රජයේ රෝහලට යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය පරීක්ෂණයක් පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
6
හරි හිනා !
4
හම්මෝ !
6
මාර දුකයි !
95
මලපනිනව !
49
කුජීතයි !
19
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?