පියාගේ පහරකෑම් ඉවසාගත නොහැකිව පිරිමි දරුවෙක් යතුරු පැදියකින් නිවසින් ගිහිං

දිඹුලාගල බිම්පොකුන ගම්මානයේ අවුරුදු 12ක, පාසල් යන පිරිමි දරුවෙකු පියා පහර දෙනවා යැයි පවසා යතුරු පැදියකින් කිලෝමීටර් 35 ක් පමණ දුරගෙවා යමින් සිටියදී වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේදී ලද තොරතුරකට අනුව 08 වෙනිදා සවස පොලිස් බාරයට ගෙන දරුවාගේ දෙමව්පියන්ට තරයේ අවවාද කර භාරදුන් බව වැලිකන්ද පොලිසිය පවසනවා.

දරුවා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ පියා බැන වදිමින් පහර දෙන නිසා පූනානි ප්‍රදේශයේ සිටින මව සොයා ගිය බවයි.

නාමල්ගම ප්‍රදේශයේ ගවයන් බලන පුද්ගලයකුගෙන් ලද තොරතුරක් අනුව දරුවා සහ යතුරුපැදිය පොලිසියට ගෙනවිත්, කුසගින්නේ සිටි දරුවාට අවශ්‍ය ආහාර පාන පොලිසියෙන් ලබාදීමෙන් අනතුරුව පියාට සහ කුඩම්මාට තරයේ අවවාද කර දරුවා භාරදීමට කටයුතු කල බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා අප කළ වාර්තාකරු හා පැවසුවා.

දිඹුලාගල, බිම්පොකුන, කාශ්‍යපපුර දොළොස්හැවිරිදි පිරිමි දරැවකු අතුරුදහන් වී ඇති බවට අරලගංවිල පොලිසියට ලද තොරතුරක් අනුව ඔහු සෙවීම සඳහා පොලිස් නිලධාරීන් 50 කින් යුත් කණ්ඩායමක් සූදානම් කර සිටි බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රකාශ කළා.

අතුරුදහන් වී සිටි දරුවා සෙවීම සඳහා ප්‍රදේශයේ වැව් සහ කැලෑ පිරිමට 25 දෙනෙකුගෙන් යුත් පොලිස් නිලධාරී කණ්ඩායමක් යොදවා සිටි අතරතුර වැලිකන්ද නාමල්ගම ප්‍රදේශ්යේදී වැලිකන්ද පොලීසිය විසින් දරුවා සොයා ගැනීමට හැකිවූ බවට තොරතුරක් ලැබුණු බවත් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු අද (09) වෙනිදා දෙමව්පියන් සහ දරුවා පොලිසියට කැඳවා සිදුකරන බවත් අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
3
හරි හිනා !
0
හම්මෝ !
9
මාර දුකයි !
52
මලපනිනව !
15
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?