පිටු දෙකක චෝදනා පත්‍රයට පිටු 25කින් පිළිතුරු දුන්නා – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

පිටු දෙකකින් තමා වෙත යොමු කර තිබූ චෝදනා පත්‍රයට පිටු 25 කින් තමන් මුදල් අමාත්‍යාංශය වෙත පිළිතුරු යොමු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා,

ඔහු අද කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ ජනපති තමන් වෙත එවූ චෝදනා පහකින් යුත් එම චෝදනා පත්‍රයේ ඇතැම් චෝදනා විමතිය දනවන බවයි.

උසස් පෙළ සිසු දරුවන්ට විභාග කාලයේදී විදුලිය ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීම එහි පළමු චෝදනාව බවත් එම නඩුවේදී තමන් බලය ඉක්මවා අතත්නෝමතිකව කටයුතු කළ බව දෙවැනි චෝදනාව බවත් ඒ මහතා කීය.

තුන්වැනි චෝදනාව ලෙස තමන් විදුලිය විකිණීමේ කාර්යක නිරත වන බවට චෝදනා පත්‍රයේ සඳහන්ව ඇති බවත්,පසුගිය පෙබරවාරි 15 වැනිදා විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළ දැමීමට කළ යෝජනාවට විරුද්ධ වීම සිවුවැනි චෝදනාව බවත් සඳහන් කළා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉලක්ක කරමින් ප්‍රකාශ නිකුත් කළ බවට පස්වැනි චෝදනාවේ සඳහන්ව ඇති බවත් තමන් එම සියලුම චෝදනාවට පැහැදිළිව පිළිතුරු සැපයූ බවත් රත්නායක මහතා පැවසුවා.

තමන් සභාපති ධූරයෙන් ඉවත්කිරීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113 ක ඡන්දයෙන් යෝජනාව සම්මත වියයුතු බව කී ඒ මහතා එම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වී සභාපති ධූරයෙන් ඉවත් කළද කිසිඳු කණගාටුවක් නොමැති බව ද පැවසුවා.

ස්වාධීන කොමිසමක් ලෙස මහජන උපයෝගිතා කොමිසම ජනතාව වෙනුවෙන් කටයුතු කළ බවත් ස්වාධීන කොමිසම් සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව මෙම චෝදනා පත්‍රයෙන් හොඳ අදහසක් ගතහැකි බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?