AFC Banner
AFC Banner
Empty Ad

පිටි මිල අඩු කළත් ජනතාවට සහනයක් නෑ

පිටි මිල රුපියල් දහයකින් අඩු කළද පාන් බනිස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල ගනන් අඩු කිරිමට නොහැකි තත්වයක් පවතින බව බේකරි හා හෝටල් හිමියන් පවසති.

පිටි මිල අඩු විමත් සමග එහි වාසිය පාර්භෝගිකයන්ට ලැබෙන්නේ කෙසේද යන්න පිලිබදව හැටන් නගරයේ බේකරි හා හෝටල් හිමියන් කිප දෙනකුගෙන්ම කරන ලද විමසිකදි අදහස් දැක්වු එම අය පවසන ලද්දේ පිටි කිලෝවක මිල රුපියල් දහයකින් අඩු කළද පාන් බනිස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල ගනන් අඩු කිරිමට නොහැකි තත්වයක් පවතින බවයි.

විදුලි බිල කඩ කුලි සේවක පඩි ප්‍රවාහන වියදම් ආදිය ඉහල යාමත් සමග රුපියල් දහයකින් පිටි මිල අඩු කිරිමේ වාසිය මෙසේ ලබා දිය නොහැකි තත්වයක් පවතින බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

මෙම තත්වයන් පිලිබදව ප්‍රදේශයේ පාරිභෝගිකයන් පවසන්නේ පිටි මිල රුපියල් දහයකින් අඩු කල විට පාන් බනිස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල අඩු නොකලද යම් හෙයකින් පිටි මිල රුපියල් දහයකින් වැඩි කලේ නම් එසේ මිල වැඩි කල සැනින් මෙම පිරිස් අඩු කරමින් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් හා බනිස් ඇතුළු කෙටි කෑම වර්ග මිලද රුපියල් පහකින් හෝ වැඩි කිරිමට පියවර ගන්නා බවයි.

මෙම වෙළදුන් තුල පවතින වෙළද මාෆියාව ‍ෙහ්තුවෙන් රජයෙන් ලබා දෙන සුලු සහනයන් හෝ පාරිභෝගික ජනතාවට නිසි ලෙස නොලැබෙන බවත් මෙම තත්වයන් පිලිබදවද රජය දැඩි අවදානයක් යොමු කල යුතු බවද එම පාරිභෝගික පිරිස වැඩි දුරටත් පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?