පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේ අද (17) උදෑසන නිවසක් තුළ දී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (17) උදෑසන වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
එහි ප්‍රථිකාර ලබමින් සිටින අතර තුරයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ඝාතන සිද්ධි සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් වන අතර, ඔහු බන්ධනාගාර ගතව සිට මීට සති දෙකකට පමණ පෙර නිදහස් වී පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1