Fly high Get bonus Aviator Phone

පෑලියගොඩ කළු පාලම අසලින් මළ සිරුරක් හමුවෙයි

පෑලියගොඩ, කළු පාලම ආසන්නයේ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.ඊයේ (30) සවස 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවිඩයක් මත පෑලියගොඩ පොලිසිය ආරම්භ කළ විමර්ශනයේදී මෙම මෘත ශරීරය සොයා ගෙන තිබේ

මරණකරු වයස අවුරුදු 60ක් පමණ වන උස අඩි 5යි අඟල් 5ක් පමණ වන තලෙළු සිහින් සිරුරක් හිමි පුද්ගලයෙකි.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.කොණ්ඩය තැනින් තැන සුදු පැහැ වී ඇති අතර මුහුණ පුරා සුදු උඩු රැවුල හා යටි රැවුල වැවී ඇත.උඩු කයට දම් පැහැති ඉරි සහිත අත් කොට කමිසයක් හා යටි කයට තැඹිලි, කළු, සුදු හා ලා නිල් මිශ්‍ර කොට කලිසමක් ඇඳ සිටි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?