spot_imgspot_img

පැහැරගෙන යමින් තිබූ ජිප් රථය පොලිසිය දැක අත්හැර දමා සැකකරුවන් පළා යයි

පැහැරගෙන යමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයක් පොලිසිය නතර කිරීමට කළ සංඥාවක් හේතුවෙන් සැකකරුවන් එය අත්හැර පළාගොස් තිබෙනවා.

ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් පැහැර ගත් මෙම ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් නැවතීමට කළ සංඥාවත් සමගම වීදියගොඩ ප්‍රදේශයේදී සැකකරුවන් 4 දෙනෙකු ජීප් රථය අත්හැර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ජීප් රථය සොයාගන්නා විට එහි ලියාපදිංචි අංකය වෙනස් කර තිබූ අතර ඉදිරිපස බොනට්ටුව මත වාහනය දුටු පමණින් එකවර හඳුනාගත නොහැකි ලෙස ස්ටිකරයක් අලවා තිබූ බව සඳහන්.

බද්දේගම ප්‍රදේශයේ පුද්ගලයකු තම සුඛෝපභෝගී ජීප් රථය විකිණීමට සූදානම් කර ඇති අතර සැකකරුවන් එය මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඔහුට පහර දී රථයෙන් බිමට ඇද දමා එය පැහැර ගෙන තිබූ බව හෙළිවී තිබෙනවා.

සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?