Fly high Get bonus Aviator Phone

පැහැරගත් යතුරුපැදිවලින් ගොස් සොරකම්වල නිරතවූ දෙදෙනෙක් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ රැසක යතුරු පැදි පැහැර ගෙන ඒවායින් ගොස් විවිධ ප්‍රදේශවල නිමි ඇදුම් වෙළෙඳ සැල් බිඳ ඒවා අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ යතුරුපැදි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසිනුයි ඊයේ (14) රාත්‍රී අමන්දොළුව ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

හෙරොයින් මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීම වෙනුවෙන් සැකකරුවන් මෙම සොරකම් සිදු කර ඇති බවට අනාවරණ වී ඇති අතර ඔවුන් සමග රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් අතරින් එක් අයෙකු අනුරාධපුර තලාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි එක් දරු පියෙක් වන අතර අනෙක් පුද්ගලයා කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

ඔවුන් මිහින්තලේ , මීගමුව සහ කහටගස්දිගිලිය පොලිස් බල ප්‍රදේශවලදී යතුරුපැදිකරුවන් බිය ගන්වා එම යතුරු පැදි පැහැර ගෙන ගොස් තිබූබව සඳහන්.

එම යතුරුපැදිවලින් ගොස් මීගමුව සහ වාරියපොළ ප්‍රදේශයේ වෙළෙඳ සැල් බිඳ ඒවා තුළ තිබූ නවීනතම නිමි ඇඳුම් සොරා ගෙන ගොස් වෙනත් පළාත්වලට අලෙවි කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඊයේ රාත්‍රී එලෙස කොල්ල කන ලද නිමි ඇඳුම් තොගයක් රැගෙන අමන්දොළුව ප්‍රදේශය ඔස්සේ ගමන් කරමින් සිටි මොවුන් දෙදෙනා කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ යතුරු පැදි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 4,450ක ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නිමි ඇඳුම් තොගය සමග මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?