පැලවත්ත නගරයේ දී පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් 03ක් පොලිස් දැලේ

මීගහතැන්න පොලිස් වසමේ පැලවත්ත නගරයේ දී පසුගිය 16 වනදා සවස පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් තිදෙනා ඊයේ (18) දින අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් තිදෙනා 25, 36 සහ 40 යන වයස්වල පසුවන මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

පැලවත්ත නගරයේ පෞද්ගලික වෛද්‍ය මධස්ථානයකට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි 38 හැවිරිදි පුද්ගලයෙකුට පසුගිය 16 වනදා කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර පළාගොස් තිබුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (19) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?