පැය 16ක ජල කප්පාදුවක් අද සිදුවෙයි

අද (21) දිනයේ පැය 16ක ජල කප්පාදුවක් කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට  සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. පෙරවරු 8 සිට රාත්‍රි 12 දක්වා කාලය තුළ ජල කප්පාදුව සිදුකෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකියේ පිරිසිදු කිරීමේ කටයුක්තක් හේතුවෙන් මෙලෙස අදාළ කාලය තුළ හංවැල්ල, කහහේන, ජල්තර, රනාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පේ යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදුවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?