පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිකරන්න කාදිනල් හිමි රජයට අප්‍රේල් 21 දක්වා කල්දෙයි (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කටුවාපිටිය දේවස්ථානයේ දී ලබාදුන් පොරොන්දුව කඩිනමින් ඉෂ්ඨ කිරීමට කටයුතු කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අද (15) පැවති වැඩසටහනකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට වසර 06ක් ගතවන එළඹෙන අප්‍රේල් මස 21 වන දිනට පෙර මෙම ප්‍රහාරය පිළිබඳව යුක්තිගරුක සහ සාධාරණ සංඥාවක් රජය විසින් ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවයි.

එසේ නොවුනොත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය සහ සාධාරණය ඉල්ලා යළිත්වරක් පාරට බැසීමට කටයුතු කරන බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
11
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?