පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සියල්ලන් ට දිට්ඨධම්මවේදනීය කර්මය පැමිණෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ අද(13) පෙරවරුවේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 12ක් වෙනුවෙන් ගණේමුල්ල, බොල්ලත, පතහවත්තේ පැවති නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිද පෙනෙන පරීක්ෂණයක් කරන බවට පෞද්ගලිකව පොරොන්දු වූ නමුත් එය ඉටු නොවූ බව එතුමා පැවසුවා.
ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙන බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ සමරි එකේ තිබෙන බවත්,මෙය සම්බන්ධයෙන් කිසිවෙකුටත් උනන්දුවක් නොමැති බව එතුමා පවසනවා.
දැන් සිටින්නේ බීරි අලි රැලක් බවත් බීරි අලින්ට වීණා වාදනය කිරීමෙන් පලක් නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.