පාසල තුළ චංඩි පාට් දැමු පාසල් සිසුන් පිරිසක් තුවාල ලබා රෝහලට

පාසල් වේලාව තුළදී පන්ති දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිව් (04) දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කුරුණෑගල පොලීසිය කියයි.

15 වෙනිදා පාසල් කාලය තුළ මෙම ගැටුම සිදුවී ඇත.

ගැටුමට හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ කුරුණෑගල – මල්කඩුවාව ප්‍රදේශයේ පාසලක 11 සහ 12 වසර දෙකෙහි සිසුන් දෙපිරිසක් අතරය.

බහින් බස්වීමක් දුර දිග යාම ගැටුමට හේතුව බව පොලීසිය කියයි.කුරුණෑගල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?