පාසල් සිසුන් දෙදෙනෙක් අතුරුදන්

පාසල් දරුවන් දෙදෙනෙක් අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදුකරන බව මාරවිල පොලිසිය පවසනවා.

අදාළ දරුවන් දෙදෙනා ඊයේ (19) පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ නාත්තන්ඩිය, මුට්ටිබැදිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කවීෂ මධුසංඛ නැමැති 15 හැවිරිදි දරුවෙක් සහ නාත්තන්ඩිය, සාගරගම පදිංචි ලක්ෂාන් නිමන්ත නැමැති 15 හැවිරිදි දරුවෙක්.

මොවුන් දෙදෙනා නාත්තන්ඩිය, පිලාකටුමුල්ල නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන බවයි වාර්තා වුණේ.

මෙම සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙක් සන්තකයේ දුම්කොළ සහ හුණු ස්වල්පයක් තිබී ඒ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා ඔහුට අවවාදකර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් එම සිසුවා සිත් තැවුලෙන් සිටි බවට ඔහුගේ මව පොලිසියට පවසා ඇති බව සඳහන්.

අතුරුදහන් වී සිටින දරුවන් සොයා මාරවිල පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?