පාසල් උපකරණ වල මිල අහස උසට

පාසල් ළමයින්ට අවශ්‍ය පොත්පත්, සපත්තු, නිල ඇඳුම්වල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එම භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයෝ පවසති.

පාසල් උපකරණ වල මිල ඉහළ යාම දෙමාපියන්ට දරාගත නොහැකි තත්ත්වයට පත්වී ඇත.

අද පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් අදහස් දක්වා සිටියා.

පාසල් උපකරණ සම්බන්ධයෙන් සහනදායී පිළිවෙතක් අනුගමනය නොකළහොත් අලුත් පාසල් වාරය ජනවාරියේ පටන් ගන්නා විට දරුවන් මෙන්ම මාපියන් ද දැඩි අසීරුතාවයකට පත් විය හැකි බව ඔවුන් පවසා සිටි අතර එක පවුලේ දෙතුන් දෙනෙක් පාසල් යන විට ගම්බද මාපියන් පාසල් උපකරණ අවශ්‍යතා ඉටු කරන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කර සිටියා.
පාසල් උපකරණ වලට පනවා ඇති සෙස් බද්ද ඉවත් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
8
මලපනිනව !
5
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?