spot_imgspot_img

පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක් (වීඩියෝ)

රජය විසින් අද දිනයේ සම්මත කිරීමට නියමිත EPF/ETF 30% බදු පනතට එරෙහිව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් විරෝධතාවයක නිරත වනවා.

ඒ පාර්ලිමේන්තු පිවිසුම අසල පෝල්දුව මංසන්ධිය ආසන්නයේදී යි.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ මෙම පනත සම්බන්ධයෙන් විරෝධතාවක් පවතින බවට කතානායකවරයාට දැනුම් දෙන ලෙසටයි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පවතින දැඩි වර්ෂාපතනය මධ්‍යයේ ඔවුන් මෙම විරෝධතාවයේ නිරතවන බවයි.

මෙම ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?