spot_imgspot_img

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය

පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය සඳහා වූ පනත් කෙටුම්පතට ර‍ජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එක් සංශෝධනයකට යටත්ව අනුමැතිය හිමිව තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (13) රැස්වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත සලකා බලනු ලැබුවා.

එහිදී අදහස් දැක්වූ කමිටු සභාපතිවරයා සඳහන් කළේ බොහෝ කලක් ප්‍රමාද වී හෝ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීම ඉතා වැදගත් පියවරක් බවයි.

මෙම ක්‍රියාවලිය මඟින් අයවැය විශ්ලේෂණ ක්‍රියාවලියට අතවශ්‍ය ස්වාධීනත්වය සහතික කෙරෙන බව ද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නා.

කාරක සභාව මෙහිදී පනත් කෙටුම්පතේ පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු වුණා.

  1. අයවැය කාර්යාලයේ විෂය පථය ආර්ථික පිරිවැය සහ ආදායම් උත්පාදනය පිළිබද සිදු කරන ලද ඇගයීම් සම්බන්ධයෙන් පමණක් වීම. එනම් සමාජමය බලපෑම තක්සේරු කිරීමට එහි නෛතික බලයක් නොමැති වීම.
  2. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිවරුන් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකගෙන් සමන්විත උපදේශන කමිටුවක් පත් කිරීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය සඳහා තෝරා ගන්නා ලද

අපේක්ෂකයන් ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියේදී මෙම උපදේශන කමිටුව විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහය වනු ඇත.

  1. ජාතික ආර්ථික හා භෞතික සැලසුම් සමඟ සමගාමීව කටයුතු කිරීමට සහ අදාළ කරුණ සම්බන්ධ සංවේදී දත්ත අයවැය කාර්යාලයීය පනතට අනුකූලවම පමණක් හුවමාරු කිරීමට අයවැය කාර්යාලයට ඇති හැකියාව.

නව විධිවිධානවලට අනුව ඡන්ද අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති වඩාත් විනිවිද බවකින් ඉදිරිපත් කිරීමේ හැකියාව එමෙන්ම, නව පනතට අනුව පිළිගත් දේශපාලන පක්ෂ නායකයින්ට සිය පක්ෂ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන ස්වාධීනව විශ්ලේෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මෙමගින් ඡන්ද අපේක්‍ෂකයින්ට තම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට අයත් ප්‍රතිපාදන වඩා විනිවිදභාවයකින් සහ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනවා.

ඒ අනුව සභාපතිවරයා අවධාරණය කළේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ව්‍යවස්ථාදායකය විසින් තහවුරු කරන ලද ස්වාධීන ආයතනයක් බවයි.

එමගින් මූල්‍ය පුරෝකථන මත සිදුවිය හැකි මූල්‍ය බලපෑම පිළිබඳ විකල්ප ක්‍රමවේද භාවිත කරමින් සිදුකරනු ලබන යෝජනා විශ්ලේෂණය කිරීම සිදුකළ හැකි බවද ඔහු අවධාරණය කළා.

ඒ, අනුව පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ අයවැය දින 60ක් ඇතුළත ඉදිරිපත් කිරීම යන සංශෝධනයට යටත්ව පනත් කෙටුම්පත සඳහා අනුමතිය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?