පාපැදියේ ගමන්ගත් දෙදරු පියා බස් රථයට බිලි වෙයි

පා පැදියෙන් රැකියාවට යමින් සිටි දෙදරු පියෙක් පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී මියගොස් තිබෙනවා.

අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අලුබෝමුල්ල කුඩා අරුග්ගොඩ පදිංචිව සිටි පානදුර යුද හමුදා කඳවුරේ සිවිල් සේවකයෙකු ලෙස කටයුතු කරන 40 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු සිය පාපැදියෙන් නිවසේ සිට කුරුස හංදිය දෙසට පැමිණෙමින් සිටියදී රුක්ගහ තොටුපොල සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ මාර්ග අංක 452 පෞද්ගලික බස් රථයේ බඳෙහි පාපැදියේ හැඬලය ගැටීමත් සමඟ පාපැදිය පෙරළීමෙන් අනතුරුව බසයේ පිටුපස රෝදයට හිස යටවී අනතුර සිදු වී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

බස්රථ රියදුරා ගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව හෙළිවී තිබෙනවා.

බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අලුබෝමුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

1 10
2 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?