spot_imgspot_img
spot_img

පාපන්දු වාර්තා බිඳ දමා, අලුත් කළ ප්‍රංශය – ම්බාප්පේගෙන් ගෝල ත්‍රිත්ත්වයක්

යුරෝ 2024 පාපන්දු කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයක දී ප්‍රංශය නව වාර්තාවක් තැබීමට සමත් වුණා.

ඒ ප්‍රතිවාදී ජිබොල්ටාවට ලකුණු 14-0ක් ලෙස දරුණු පරාජයක් අත්පත් කරදෙමින්.

Les Bleus නම් ප්‍රංශ පාපන්දු කණ්ඩායම මෙම විස්මිත ජයග්‍රහණය වාර්තා කිරීමේ දී කයිලියින් ම්බාප්පේ (Kylian Mbappé) ගේ දක්ෂතා කැපී පෙනුණා.

ම්බාප්පේ සිය අණසක පාපන්දු පිටිය පුරා පතුරවමින් ගෝල ත්‍රිත්ත්වයක් වාර්තා කිරීමට සමත් වුණේ, එය ප්‍රංශ රසිකයින්ගේ සිත්වල සදාතනික ගෝල බවට පත් කරමින්.

මේ වනවිටත් පාපන්දු ලොව ශ්‍ර්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානයේ සිටින ප්‍රබල රාජ්‍යයක් ලැයිස්තුවේ 198 වැනි ස්ථානයේ සිටින රටකට එරෙහිව වාර්තා කළ විශාලතම පරතරය සහිත ජයග්‍රහණයක් බවට ද ඉතිහාසගත වනවා.

එමෙන් ම යුරෝ පාපන්දු ශූරතාවක සුදුසුකම් ලැබීමේ තරගාවලියක දී කණ්ඩායම් ලබාගත් ඉහළත ම ගෝල සංඛ්‍යාව ද මෙය ලෙසටයි දැක්වෙන්නේ.

මීට පෙර එම වාර්තාව සතු කරගෙන සිටියේ ජර්මනියයි.

ඒ 2006 වසරේ දී ජර්මනිය විසින් සැන් මරිනෝ ව ලකුණු 13-0ක් ලෙස පරාජයත් පත් කිරීමයි.

මෙම වාර්තාව බිඳ දැමීමට ප්‍රංශය ඊයේ සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?