පාපන්දු පිටියේ රජුන් සොයන පාපන්දු ලෝක කුසලානය අද සිට

ලෝකයට පාපන්දු වසන්තය ගෙන එමින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද (20) සිට ආරම්භ වනවා.

මෙවර පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය කටාර් රාජ්‍ය දරණ අතර, කොරියාවේ සහ ජපානයේ 2002 වසරේ පැවති
පාපන්දු ලෝක කුසලානයෙන් පසුව ආසියාවේ පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මෙය වීම ද විශේෂත්වයක්.

වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට මෙවර කණ්ඩායම් 32ක් එක්වනවා.

මූලික වටයේ දී කාණ්ඩ 08කින් එම කණ්ඩායම් 32ක තරග වැදීමට නියමිත අතර මෙවර තරගාවලියේ පැවැත්වෙන සමස්ත තරග සංඛ්‍යාව 64 ක්.

මැද පෙරදිග පැවැත්වෙන කුළුදුල් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලෙසට ඉතිහාස ගතවන මෙවර තරගවලිය අද (20) ආරම්භ වී දෙසැම්බර් මස 18 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩාව ලෙසින් ප්‍රසිද්ධියක් උසුලන පාපන්දු ක්‍රීඩාවේ ලෝක ශූරයින් වෙනුවෙන් මෙවර වෙන්කර ඇති ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 440 ක්.

එම ත්‍යාග මුදල දැක්වෙන්නේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනම වැඩිම ත්‍යාග මුදල ලෙසයි.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවය අද (20) මෙරට වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය අරඹමින් සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය තරග වැදීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05
Video thumbnail
දහස් ගණනකගේ දිවි බේරූ සමන්තට මොරටුවෙන් ඇගයීමක්
01:46


?