Fly high Get bonus Aviator Phone

මැති ඇමතිවරු 80 ක් රට සවාරිවල

වර්ෂාවසාන නිවාඩුව ගත කිරීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් අසූවක පමණ පිරිසක් ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ඔස්ටේ‍්‍රලියාව ආදී රටවල පුද්ගලික සංචාරවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

පාර්ලිමේන්තු සැසිවාරය ජනවාරි 11 වැනිදා දක්වා කල්තබා තිබීමත් ඔවුන්ගේ පහසුවට හේතුවී ඇත. නත්තල් හා නව අවුරුදු උදාවත් සමග සෑම වසරකම දෙසැම්බර් අග පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මේ ආකාරයට විදේශ ගතවන බවත් වාර්තා වේ. බරපතළ ඩොලර් හිඟයක් හා ආහාර හිඟයක් ඇතිවී ඇති බවට මත පළ වී තිබියදී මේ අය විදේශ සංචාරයේ නිරතවීම මෙවර ඇති විශේෂත්වයයි.

බොහෝ මැති ඇමැතිවරුන් විදේශගත වන්නේ ඒ ඒ රටවල උසස් අධ්‍යාපනය හදාරන දරුවන් හා ඒ ඒ රටවල පදිංචි ඥාතීන් හිතමිතුරන් සමඟ විනෝදයෙන් ගත කිරීමට යැයි ද ඔවුන් කිහිප දෙනෙක්ගෙන් කළ විමසීමකදී පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු සඳහන් කළේය.

දැනට විදේශගතවී සිටින පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පිරිසට අමතරව තවත් පිරිසක් විදේශගතවීමේ සූදානමින් පසුවන බවද දැනගන්නට තිබේ.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් වර්ෂාවසානයේදී නුවරඑළිය සංචාරයේ නිරතවීමට සූදානමින් සිටිති. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නිදහසේ විවේකය ගත කිරීම සඳහා නුවරඑළියේ ඉදිකර තිබෙන ‘සෙන්පති නිවස’ (General House) වෙන්කර ගෙන ඇතැයිද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

තම දරුවන් හා ඥාතීන් යුරෝපීය රටවල වෙසෙන බැවින් ඒ අය බැලීමට යෑමේ ඇති විශේෂත්වය කුමක්දැයි සමහර අය විමසා සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා ඈත් වෙනකොට දරුවෝ ලං වෙන්නේ කපටි නරින්ට
Video thumbnail
KASTHIRAMA | මල්තලන - කල්මරන - මුනිවත කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව 🔴
00:00
Video thumbnail
දරුවෙක් පොලිසියට ගියොත් ඒ දරුවා හංවඩු ගහනවා
09:21
Video thumbnail
රාමණාදන් පාසලේ දියණියගේ ගුරුවරයෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව
05:54
Video thumbnail
සාමයේ පණිවුඩය රැගෙන ආ කුමරා - 14 වන ලියෝ පාප් වහන්සේගේ කතාව
10:29
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා සිය ජීවිත ගමනට සමුදෙයි
01:53
Video thumbnail
ගුවන් අනතුරට පත් රණවිරුවන් බේරාගැනීමට රෝහල් සේවකයෝ කළ මෙහෙය
04:25
Video thumbnail
රටම කැළඹු රාමණාදන් පාසලේ සිදුවූ සිද්ධියට රෝහිණී ඇප නැතිවෙන්න දෙසයි
07:51
Video thumbnail
පාර්ලිමේන්තු විකාශය සජීවීව - 2025.05.09
04:26:02
Video thumbnail
හර්ෂ සහල් අරගෙන කියලා වසන්ත කියපු කතාවට හර්ෂ එක්ක ලොකු ගැටුමක්
12:37

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?