Indian Premier League

පානය කිරීමට ජලය ගන්නා ළිඳ අපිරිසිදු කළා යැයි කියා පුද්ගලයෙකුට දරුණු ප්‍රහාරයක්

පානය කිරීමට ජලය ගන්නා ළිඳ අපිරිසිදු කළා යැයි පුද්ගලයෙකු තවත් අයෙකුට බෝතලයෙන් තුන් වතාවක් ඇන; පහර දී තිබෙනවා.

එම පහරකෑමට ලක් වූ පුද්ගලයා තුවාල ලබා අසාධ්‍ය ව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ සවස අළුත්ගම පොලිස් වසමේ දන්වත්තගොඩ, පැණිබැඳිගොඩ ප්‍රදේශයේ පදිංචි අසල්වාසීන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම අපරාධය සිදු ව තිබෙනවා.

එක් අයෙකු තවත් අයෙකුට බෝතලයක් කඩා ගෙළ ප්‍රදේශයට, පපු සහ පිට ප්‍රදේශයට තෙවරක් ඇන බරපතළ තුවාල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

දෙපිරිස ම ජලය පානය සඳහා යොදා ගන්නා ළිඳ තුළට ඊයේ උදෑසන කුකුළෙකු වැටී මියගොස් තිබෙනවා.

ඉන් පසුව එක් පාර්ශ්වයක් තවත් පාර්ශ්වයකට මෙම කුකුළා ඉවත් කරන ලෙස දන්වා ඇති අතර ඉන් පසුව එම කුකුළා ඉවත් කිරීම එක් පාර්ශ්වයක් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ වචන හුවමාරුවක් දුරදිග ගොස් වයස අවුරුදු 29 වියැති පුද්ගලයකු විසින් වයස අවුරුදු 52 වියැති අසල්වැසි පුද්ගලයාට අසල තිබූ බෝතලයක් කඩා පහර දී තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවත්, 29 හැවිරිදි තරුණයා සැඟව සිටියදී අලුත්ගම පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22
Video thumbnail
සෙංකඩගල නුවරට වැහැපු වැස්සටබැතිමත්තු සිසීකඩ දුවයි
09:08
Video thumbnail
පොලිසියෙන් - හමුදාවට සැර සද්දයක්
01:08

?