පාදයට වෙඩි වැදුණු අලියෙකුට ප්‍රතිකාර (ඡායාරූප)

ඉදිරි දකුණු පාදයට වෙඩි වැදී දින ගණනාවක් පීඩාවෙන් සිටි වන අලියෙකුට ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිළදාරීන් කටයුතු කරනු ලැබුවා.

හුරුළුවැව ඉස්මත්තේ සැරිසැරූ මේ අලියා සොයා ගැනීමට ගම් වාසීන් සහ වනජීවී නිලධාරීන් මහත් පරිෂමයක් දරා තිබුණා.

අලියාගේ තත්ත්වය පරීක්ෂාකල මොරගොඩ වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඒ ගැන අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන්ට දැනුවත් කිරීමෙන් පසුව පශුවෛද්‍ය ඩබ්ලිව්.අයි.යු.මදුවන්තී මහත්මිය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් පැමිණ වන අලියාට ප්‍රතිකාර කළා.

තුවාල ලැබූ අලියා වයස අවුරුදු හයක් හා අඩි හයක් පමණ උසැති සතෙකු බව පැවසූ වනජීවී නිලධාරීන් එම සත්වයා හුරුළු වැව වාස භූමිය කරගත් අලි රෑනකින් මගහැරුණු අලියෙකු බව වනජීවී නිලධාරීන් පැවසුවා.

vlcsnap 2023 03 16 14h50m56s310 1
vlcsnap 2023 03 16 14h50m05s357
vlcsnap 2023 03 16 14h49m25s845
vlcsnap 2023 03 16 14h49m45s401
vlcsnap 2023 03 16 14h50m30s131
vlcsnap 2023 03 16 14h50m35s600 1
vlcsnap 2023 03 16 14h51m58s794
vlcsnap 2023 03 16 14h51m38s393
vlcsnap 2023 03 16 14h50m35s600
vlcsnap 2023 03 16 14h50m26s256
vlcsnap 2023 03 16 14h50m40s473
vlcsnap 2023 03 16 14h51m46s908
vlcsnap 2023 03 16 14h51m27s707
vlcsnap 2023 03 16 14h51m42s105
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?