spot_imgspot_img
spot_img

පාණ්ඩ්‍යාට ලෝක කුසලානය අහිමි වෙයි ද ?

ආබාධයකට ලක් වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහි තරගය අහිමිවීමේ වැඩි ඉඩක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය ලබන 22 වනදා ධර්මශාලා හිදී පැවැත්වීමට නියමිතයි.

හර්දික් පාණ්ඩ්‍යා ඔක්තෝබර් 29 ඉරිදා ලක්නව්හි දී පැවැත්වෙන එංගලන්තයට එරෙහිව තරගයට පෙර ඉන්දීය කණ්ඩායම සමඟ එක්වීමට වැඩි අවස්ථාවක් පවතින බවයි ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

බංග්ලාදේශයට එරෙහිව ඊයේ (19) පැවති තරගයේ දී පාණ්ඩ්‍යා ආබාධයකට ලක් වුණේ බංග්ලාදේශ ඉනිමේ 09 වැනි පන්දු ඕවරය අතරතුර ලිටන් දාස් එල්ල කළ පහරක් ඔහුගේ දකුණු කකුලෙන් නැවැත්වීමට උත්සාහ කිරීමේ දීයි.

ආබාධයත් සමඟ පිටියෙන් ඉවත් වූ පාණ්ඩ්‍යා ස්කෑන් පරීක්ෂාවකට ද ලක්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?