පාඩු මැද ශ‍්‍රී ලන්කන් උපදේශකයන් 18ක් බදවාගනී.. වැටුප් කෝටි 14යි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා රුපියල් කෝටි දාහතරක මුදලක් වාර්ෂිකව වැය කරමින් උපදේශකවරුන් 18 දෙනෙකු බඳවා ගෙන ඇතැයි වාර්තා වනවා.ගුවන් මගී සත්කාරක සේවා කාර්ය මණ්ඩල සේවා තත්ත්ව අධීක්ෂණය කිරීමට ද ගුවන් යානයක් තුළ කලමනාකාරවරයෙකු බැගින් සිටින අතර ඊට අමතරව කාර්යමණ්ඩල අධීක්ෂණයට මෙම උපදේශක කළමනාකරුවන් පත් කර ඇත.

මසකට රුපියල් ලක්ෂ පහකට අධික මාසික වැටුපක් ලබන මෙම උපදේශක කළමනාකරුවන් සමාගමේ බොහොමයක් ඉහළ කළමනාකරුවන්ට අවශ්‍ය ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා ගෙන දීමේ කටයුතුවල යෙදෙන බවද සඳහන් වෙයි.

ගුවන් සමාගමේ මගී සත්කාරක සේවා අංශය තුළ මොවුන් සේවයට යොදා සිටින බවද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
4
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
3
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?