පාකිස්ථාන හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකාවට

පාකිස්ථානයේ හමුදා මාණ්ඩලික ප්‍රධානී (Chairman joint Chief Of Staff Committee) ජෙනරාල් සහීර් සම්ෂාඩ් මිර්ෂා (Sahir Shamshad Mirza) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද දින දහවල් පකිස්ථාන හමුදා ප්‍රධානියා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

ඔහු සමග දූත පිරිස ලෙස එරට උසස් හමුදා නිලධාරීන් 5 දෙනෙකු ද පැමිණ තිබෙනවා.

අද දින දහවල් 11.05ට පකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ පකිස්ථාන තානාපතිවරයා මෙන්ම මෙරට හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?