පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නවසීලන්ත ක්‍රීඩක ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් පත්කර තිබෙනවා.
ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් නිමා වූ නවසීලන්තය සමඟ සීමිත පන්දුවාරය තරගාවලිය තුළ පාකිස්ථාන කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරනු ලැබුවා.
ඒ, අනුව ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් හට පාකිස්ථාන කණ්ඩායම සමඟ ඉදිරියේ දී කටයුතු කිරීම ආගන්තුක අත්දැකීමක් නොවන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න්ගේ මෙම නව පත්වීම වසර දෙකක කාලයක් සඳහා වලංගුවන බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළා.
සංචාරක නවසීලන්තය සමඟ නිමා වූ විස්සයි විස්ස තරගාවලිය දෙකට දෙකක් ලෙස සමකළ පාකිස්ථානය එක්දින තරගාවලිය තරග හතරට එකක් ලෙස නවසීලන්තය පරාජය කළේ ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් උපදේශකත්වය යටතේයි.
බ්‍රැඩ්බර්න්ගේ සහාය ඇතිව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සහ ආසියානු කුසලාන තරගාවලිය පාකිස්ථාන කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානතම තරගාවලි වනු ඇති.
මේ අතර මෙවර ආසියානු කුසලාන තරගාවලිය එංගලන්තයේ පැවැත්වීමට කැමැත්ත පළකරන බවට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නජාම් සෙති ප්‍රකාශ කළ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
තරගාවලිය පාකිස්ථානයේ දී නොපවත්වන්නේ නම් මෙවර ආසියානු කුසලානයේ සත්කාරකයින් ලෙස එය පවත්වන ස්ථානය තෝරාගැනීමේ නිදහස පාකිස්ථානයට තිබිය යුතු බවයි නජාම් සෙති පවසා ඇත්තේ.