ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් සාධාරණයක් ඉටු කර ගැනීමට අපි කැප වෙනවා.

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතකයින්ට එරෙහිව පාකිස්ථාන රජය නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්, ඒ වෙනුවෙන් අවංක කැපවීම පාකිස්ථාන රජය ඉටුකරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පකිස්ථානයේ සියල්කොට්හී කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී අමානුෂික ලෙස ඝාතනය කරන ලද ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසට අද දිනයේ (06) පැමිණි විපක්ෂ නායකතුමා එම ඛේදනීය සිදුවීමෙන් කම්පනයට පත් පවුලේ සාමාජිකයින් හමුවිය.

මෙම මිලේච්ඡ කුරිරු ඝාතනය සමගි ජන බලවේගය හෙළා දකින බව පැවසූ විපක්ෂ නායකතුමා, මියගිය ප්‍රියන්ත මහතාට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් ඇප කැපවන බව ද මෙහිදි පැවසීය.මෙහිදි වැඩි දුරත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා එම ම්ලේජ ක්‍රියාව පිළිකුල් සහගතව හෙළා දකින බවත් , මේ සඳහා සාධාරනය ඉටු කරගැනීමට හැකි උපරිම බලපෑම කිරීමට තමා ප්‍රමුඛ පක්ශය කටයුතු සිදු කරන බව සදහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?