ප්‍රියන්ත කුමාරගේ ඝාතනයේ ප්‍රධාන ම සැකකරු අත් අඩංගුවට

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන – පන්ජාබ් පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුවෙකු වන ඉමිටියාස් අලියා බිල්ලි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් රැකවල්වලින් මිදී රාවල්පිණ්ඩි බලා යන බස් රථයකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පන්ජාබ් පොලීසිය සඳහන් කළේ.

ප්‍රියන්ත කුමාර දියවඩනට පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධියට මොහු මූලික වශයෙන් සම්බන්ධ වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 130කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 27 දෙනෙකු ප්‍රධාන සැකකරුවන් ලෙසයි සැලකෙන්නේ. ඒ අතරින් 26 දෙනෙකු පාකිස්තානයේ ගුජරන්වාලා ත්‍රස්ත මර්දන  අධිකරණය මගින් ලබන 21  වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?