ප්‍රියන්තගේ ඝාතනය සාධාරණිය කළ පාකිස්ථාන ආරක්ෂක ඇමති

ශ්‍රී ලාංකිකයෙකු පකිස්ථානයේදී කෲර ලෙස වද හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිදුවීම පිළිබදව පකිස්ථානු ආරක්ෂක අමාත්‍ය පර්වේස් කට්ටක් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ අදාළ ඝාතනය ඔහු විසින් සාධාරණීකරණය කරමින් දැක්වූ අදහස් මේ වන විට ලෝකය පුරාම ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

අමාත්‍යවරයා මාධ්‍යවේදීන් වෙත පවසා සිටියේ ආවේගකාරීවූ තරුණයින් ආගමික හැඟීමෙන් මෙම ඝාතනය කර ඇති බවයි. එම වයසේ පසුවන තරුණයින් නිරායාසයෙන්ම ඒ ආකාරයේ වැරදි කිරීමට පෙළඹෙන බවත් තමන්ද එම වයසේදී හිතාබැලීමකින් තොරව හැඟීම් බරවී වැරදි ක්‍රියා සිදුකර ඇති බවත් කෙසේ වෙතත් වයසින් මුහුකුරා යනවිට එම වැරදි තේරුම් ගෙන කටයුතු කරන බවත්, එබැවින් මෙවැනි ක්‍රියා පිළිබදව රජයට හෝ පකිස්ථානයට දොස් කිම වැරදි ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙනවා.

පකිස්ථානයේ පෙෂාවර් නගරයේ පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු විසින් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් නායකත්වය දෙන පකිස්ථානු රජය ටෙහ්රීක්-ඊ-ලබ්බයික්( Tehreek-e-Labbaik )නැමැති අන්තවාදී සංවිධානයට අනුබද්ධ සංවිධානවලට එහෙිව ඵලදායී මර්දනයක් සැලසුම් කරන්නේදැයි යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කළේ මෙය සංවිධානය විසින් මෙය සිදුකල ක්‍රියාවක් නොවන බවයි. කෙසේ වෙතත් පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මීට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ අදාළ ඝාතනය පිළිබදව තමන් ලැජ්ජාවට පත්වන බවයි. එවැනි තත්ත්වයක් තුළදී පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රකාශය පිළිබදව මේ වන විට ජාත්‍යන්තරයේද අවධානය යොමුවී තිබෙනවා.

පකිස්ථානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය පර්වේස් කට්ටක් මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කටයුතු නොකළ හොත් මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔහු දිගින් දිගටම සිදුකල ප්‍රකාශ අසත්‍ය බවට ජාත්‍යාන්තරය තේරුම් ගනු ඇති බවයි. මේ අතර මේ වන විට ඇතිව තිබෙන දේශපාලන උණුසුම් තත්ත්වය හා පීඩනය මත අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව පකිස්ථානු ආරක්ෂක අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එමගින් පකිස්ථානු ආරක්ෂක අමාත්‍යවරයා නිවේදනය කරන්නේ ශ්‍රී ලාංකිකයාගේ මිලේච්ඡ ඝාතනය තමන් තරයේ හෙළා දකින බවයි. පකිස්ථානය සියලු ආකාරයේ අන්තවාදයන් හෙළා දකින බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන එන බවත් ඔහු අදාළ ට්විටර් පණිවුඩයේ සදහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49


?