ප්‍රියන්තගේ ඝාතනයෙන් පසු විදේශිකයින් පකිස්ථානය ප්‍රතික්ෂේප කරන තත්වයක්

පාකිස්තානයේ සියල්කෝට්හිදී අන්තවාදීන් විසින් අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය කිරීමත් සමඟ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව නිෂ්පාදන කටයුතු සිදු කරන එරට ආයතනවල විගණන කටයුතු සඳහා විදෙස් ගණකාධිකාරීවරුන් පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ, එරට පිහිටි ඇතැම් ආයතනවල විගණන කටයුතු සඳහා පැමිණ ඇත්තේ, ශ්‍රී ලාංකික විගණන ආයතන බැවින් මෙම සිද්ධියෙන් පසු එම ආයතන පාකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. මේ අතර, ඊයේ රාත්‍රියේ ඉස්ලාමාබාද් හි ජනතාව ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර සිහිකරමින් ඉටිපන්දම් දල්වා ශෝකය පළ කළා. ප්‍රියන්ත කුමාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණේ, ගනේමුල්ල – පොල්හේන පොදු සුසාන භූමියේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?