අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව උද්‍යානයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් හතළිහක් සන්තකයේ තබාගෙන සිටි මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු (08) සවස අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සති අන්ත දිනවලදී පෞද්ගලික උපකාරක පන්ති යන මුවාවෙන් සිය නිවෙස්වලින් අනුරාධපුර නගරයට පැමිණ උපකාරක පන්ති නොගොස් කට්ටි පැන නිකරුණේ කාලය ගත කිරීමට කුම්බිච්චන්කුලමවැව උද්‍යානයට පැමිණෙන පාසල් සිසුන් සහ සිසුවියන් එහි පැමිණීම වැළැක්වීම සඳහා පෙරේදා (08) දවල් 12.40 ට පමණ පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම උද්‍යානයේ සැක කටයුතු ලෙස බැංකුවක් මත වාඩිවී රැඳී සිටි අදාල සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සමග මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
විසිනව වන වියෙහි පසුවන මැදවච්චිය කටුවෙල ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන් මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බවත් එම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා තමන් රැගෙන ආ බවත් සැකකරු වැඩිදුරටත් පොලිසියට පවසා ඇත.