මිල්ලනිය – කිම්මන්තුඩාව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නර්තන ශිල්පියෙකුගේ නිවසකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම නිවසට සහ දේපළවලට පහර දී අලාභ හානි සිදුකර තිබෙනවා.
නිවසක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති බවයි මිල්ලනිය පොලිසිය සඳහන් කළේ.
අදාළ තරුණ නර්තන ශිල්පියාගේ මව මේ වනවිට විවාහා වී සිටින පුරුෂයාගේ සහෝදරයින් දෙදෙනෙකු විසින් මෙලෙස නිවසට පහර දී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1