spot_imgspot_img

ප්‍රධාන මාර්ගයක අලුත්වැඩියා කටයුතු මාස 03කින් නිම කරන්න ජනපතිගෙන් උපදෙස්

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ප්‍රමාදවීමට බලපා ඇති කරුණු වෙන් වෙන්ව අධ්‍යයනය කරමින් මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙසටයි ජනාධිපතිවරයා බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

ව්‍යාපෘතියේ කටයුතු අඩාලවීමට ජනතා ගැටලු බලපා ඇත්නම් ඒවා විසඳා ගැනීමට මැදිහත්වන ලෙස ද ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය වෙත ද උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටස (Low level Road) අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමින්.

විදේශාධාර මත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර සමස්ත මාර්ග කොටසේ දිග කිලෝ මීටර් 7.7ක්.

මෙම වසරේ මැයි මාසය වන විට මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතුවල භෞතික ප්‍රගතිය 85%ක් වන අතර දෙවන අදියරේ ඉදිකිරීම්වල භෞතික ප්‍රගතිය 80%ක් ලෙසටයි වාර්තා වන්නේ.

2016 වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය 2020 වසරේ දී අවසන් කිරීමට නියමිතව තිබුණ ද අදාළ කොන්ත්‍රාත් සමාගමේ දුෂ්කරතාවයන්, ව්‍යාපෘතිය නිසා ඉවත් කිරීමට සිදුවූ නිවාස සඳහා වන්දි ලබාදීම, අදාළ මාර්ගය ඔස්සේ එලන ලද ජලනළ නිසා මතුවු ගැටලු හා වෙනත් පොදු ගැටලු කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතියේ කටයුතු නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?