spot_imgspot_img
spot_img

ප්‍රදේශ කිහිපයකට නාය යාමේ රතු නිවේදන

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක ජනතාවට නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අද පස්වරු 2.30ට නිකුත් කළ මෙම නිවේදන හෙට පස්වරු 2 දක්වා වලංගු වන බවයි.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ සහ ඉමදුව, කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට සහ මතුගම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරැස්ස සහ හක්මන යන ප්‍රදේශවල අවදානම් ස්ථානවල ජීවත් වන ජනතාවට සැලකිලිමත් වන ලෙසටයි.

ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?