Empty Ad
AFC Banner
Empty Ad

ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට විවිධ අසාත්මිකතා හා රෝගී තත්වයන්

මහනුවර, සුදුහුම්පොළ ප්‍රථමික වෛද්‍ය සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාගත් රෝගීන් කිහිප දෙනකු හට විවිධ අසාත්මිකතා හා රෝගී තත්වයන් ඇතිවීම හේතුවෙන් ඒ පිළිබඳව වෛද්‍ය ප්‍රතිකාර ඒකකයට පැමිණ පැමිණිලි කොට තිබේ.

රෝගීන් කිහිප දෙනෙක් පසුගියදා මෙම ප්‍රථමික වෛද්‍ය සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගත් අවස්ථාවේ ලබාදුන් බෙහෙත් පෙති භාවිතා කිරීමෙන් අනතුරුව එම රෝගීන් හට වමනය යාම, කලන්තය, කැරකිල්ල, වෙව්ලිල්ල හා හිසේ කැක්කුම ඇතිවූ බව එම රෝගීහූ පවසති.

එම අසාත්මිකතාවයණට ගොදුරු වූ රෝගීන් 22 දින එම ස්ථානයට පැමිණ සඳහන් කළේ මෙම ප්‍රතිකාර මධ්යස්ථානයෙන් තමන්ට ලබාදී ඇත්තේ කල් ඉකුත් වූ ප්‍රමිතියෙන් තොර බෙහෙත් පෙති බවය. ලබා දුන් බෙහෙත් පෙති ඇල්ලූ සැනින් කුඩු වී යන බවද ඇතැම් බෙහෙත් පෙති වලින් යම් දුගඳක් හමන බවටද ඔවුහු චෝදනා කලහ .

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රතිකාර මධ්යස්ථානයේ ඖෂධ සංයෝජක නිලධාරිනිය සඳහන් කළේ මෙම ස්ථානයේ ඖෂධ ගබඩා කිරීම සඳහා නිසි ස්ථානයක් නොමැති බවත් මෙම ප්‍රතිකාර මධ්යස්ථානයේ බොහෝ ස්ථාන වර්ෂාවට ඉතාමත් තදබල ආකාරයෙන් තෙමීමට ලක්වන බවත් මේ හේතුවෙන් ඇතැම්විට බෙහෙත් පෙතිවල ප්රමිතියේහි ගැටළුවක් ඇති වූවාදැයි යන්න කීමට නොහැකි බවත් බවත්ය. තමා කල් ඉකුත් වූ ඖෂධ ලබාදෙන බවට කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ද ඇය වැඩිදුරටත් කීවාය.

මධ්යම පළාත් සෞඛ්ය දෙපාර්තමේන්තුව මගින් පාලනය වන මෙම ප්රතිකාර ඒකකය භාරව සිටින වෛදවරිය කියා සිටියේ අදාල රෝගීන් හට එම ඖෂධ පෙති නැවත ගෙනවිත් භාර දෙන ලෙස සඳහන් කළ බවය. මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ දැනුවත් කළ බවද ඇය කීවාය.

https://youtu.be/PvdeD6Qc5-Y
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?