ප්‍රංශයේ දී ශ්‍රී ලංකාවට හොඳම ඉන්දීය නර්තනයට හිමි සම්මානය (ඡායාරූප)

ප්‍රංශයේ පැරිස් නුවර දී ඊයේ (16) පැවැත්වූ ඉන්දියානු නර්තන තරගාවලියේ දී ‘හොඳම ඉන්දීය නර්ථනයට’ හිමි සම්මානයෙන් ශ්‍රී ලංකාව පිදුම් ලැබුවා.

ප්‍රංශයේ සෑම වසරක ම පවත්වන්නට යෙදෙන මෙම ඉන්දීය නර්තන තරගාවලිය ලෙස සැලකෙන “නාට්‍යම් ආත්මා” (Natyam Atma) මෙවර පැවැත්වූයේ අතිසාර්ථකව සිව් වැනි වරටයි.

එහි දී හොඳම ඉන්දියානු න්ර්තන අංශය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් තිදෙනෙකුගෙන් ‍යුක්ත ‘ත්‍රිබංග’ නමැති කණ්ඩායමට හැකි වුණා.

එම නර්තන කණ්ඩායමේ නර්තනවේදීන් ලෙස ඉදිරිපත් වූයේ කෞෂාල් රණසිංහ, කවිඳු ගයන්ත සහ ප්‍රදීප් උදය යි.

කෞෂාල් රණසිංහ මීට පෙර ද ප්‍රංශ – ඉන්දියානු නර්තන නිෂ්පාදනයක වන ‘සාකුන්තලා’ බැලේ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන දුෂෙයින්ගේ චරිතයට පණ පෙවීමට ද සමත් වුණා.

කවිඳු සහ ප්‍රදීප් කථක් නර්තනය සඳහා ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයේ විශාරද උපාධිය ලබා ඇති අය ලෙසයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කථක් නර්තන ගුරුවරියක් වන මෝක්ෂා සමරසූරිය මහත්මියගේ සිසුන් තිදෙනෙකු වන ඔවුන්ගේ මෙම තරගාවලි නර්තනයේ ඇඳුම් නිර්මාණය කර ඇත්තේ රංග වස්ත්‍රාභරණ නිර්මාණ ශිල්පි මහේෂ් ඉන්දික මහතා යි.

WhatsApp Image 2025 03 17 at 11.28.25 1 scaled
WhatsApp Image 2025 03 17 at 11.28.25 scaled
WhatsApp Image 2025 03 17 at 11.28.26 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36
Video thumbnail
මහියංගණය වෙ# තැබීමේ සියල්ල හෙළිවෙයි - සජීවී දර්ශන මෙන්න
05:17
Video thumbnail
🔴BREAKING NEWS
01:26

?