spot_imgspot_img
spot_img

පළාත් පාලන මැතිවරණ මූලික මුද්‍රණ කටයුතු අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ අද දිනයේ සිට ඡන්ද පෝළිම් දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.

කෙසේවෙතත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් එම කටයුතු අකර්මණ්‍ය වී ඇති බව මුද්‍රණාලයාධිපතිනිය පෙන්වා දෙනවා.

දිවා කාලයේදී පොලිස් නිළධාරීන් 35 දෙනෙකු සහ රාත්‍රී කාලයේ පොලිස් නිළධාරීන් 25 දෙනෙකු බැගින් පොලිස් නිළධාරීන් 60 දෙනෙකු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේදී ආරක්ෂක කටයුතු සඳහා යොමුකරන ලෙස රජයේ මුද්‍රණාලය පොලිස්පතිවරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේවෙතත් ආරක්ෂක කටයුතු සදහා මේ වනවිට යොදවා ඇත්තේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු පමණක් බවයි මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ.

ඇය පැවසුවේ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමේ කටයුතු සිදුකළ නොහැකි බවයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යන වියදම පසුව දෙන බවට මැතිවරණ කොමිෂන් සභාව දුන් ලිඛිත පොරොන්දුව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ද තමා සූදානම් බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කළා.

නමුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව නොදීම නිසා ඒ කටයුතු කරගෙන යාමට නොහැකිව ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයා ඇතුළු අදාළ අංශවලට ලිපි හතරක් දැනටමත් යොමුකර ඇති අතර ඒ සඳහා පොලිස් නිලධාරීන් 65 දෙනෙකු අවශ්‍ය බවද කියාසිටියා.

එහෙත් දැනට ලබාදී ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනකු බව ද මුද්‍රණාලාධිපතිනිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?